30/10/2026
පුංචි මල් කැකුළට පිහිටක් වෙමු 🙏
මලියදේව විද්‍යාලයෙ එක වසරේ ඉගෙනුම ලබන
චෙහාන් යේනුක වික්‍රමසිංහ පුතුගේ ජීවිතය රැක දිමටයි අපගේ උත්සාහය
මලියදෙව බාලිකා විද්‍යාලයේ 2008 කණ්ඩායමේ ආදී ශිෂ්‍යාවක වන ශලිනි ඈපාකන්ද සහ මලියදේව විද්‍යාලයේ 2009 කණ්ඩායමේ සාමාජිකයෙක් වන සමීර වික්‍රමසිංහට අපගේ උදව් අවැසි මොහොතකි.
මලියදෙව විද්‍යාලයේ 1-D ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පුංචි චෙහාන් යේනුක වික්‍රමසිංහ හට 2026 මාර්තු මාසයේදී Acute Myeloid Leukemia (AML) නම් දරුණු රුධිර පිළිකා රෝගය හඳුනාගන්නා ලදී. ඉන් අනතුරුව ඔහු රසායනික චිකිත්සා (Chemotherapy) වාර හතරක් සම්පූර්ණ කළද, අවාසනාවකට මෙන් රෝගය නැවත මතු වී ඇත.
වෛද්‍ය නිර්දේශය අනුව, චෙහාන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ (Bone Marrow Transplant) ප්‍රතිකාරය කඩිනමින් සිදු කළ යුතු අතර, ඒ සඳහා ඔහු ඉන්දියාවට රැගෙන යාමට නියමිතය. මෙම ජීවිතාරක්ෂක ප්‍රතිකාරය සඳහා රුපියල් මිලියන 25ක පමණ මුදලක් අවශ්‍ය වේ.
මෙතරම් විශාල මුදලක් කෙටි කාලයක් තුළ සොයාගැනීම දෙමාපියන්ට ඉතා අසීරු අභියෝගයකි. එහෙත් අප සැමගේ එකමුතුකම, කරුණාව සහ සහයෝගය මේ පුංචි ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ලබා දිය හැකිය.
ඔබට හැකි පමණින් මූල්‍යමය ආධාරයක් ලබා දෙන ලෙසත්, මෙම පණිවිඩය හැකි තරම් Share කර තවත් කරුණාවන්ත හදවත් වෙත ළඟා කරවන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
❤️ ඔබ ලබා දෙන සෑම රුපියලක්ම චෙහාන්ගේ ජීවිතය වෙනුවෙන් තබන බලාපොරොත්තුවකි.
💰 ආධාර ලබා දීම සඳහා බැංකු ගිණුම් විස්තර
බැංකුව: සම්පත් බැංකුව (Sampath Bank)
ශාඛාව: බොරැල්ල (Borella)
ගිණුම් හිමියා: E.R.S.S. Epakanda
ගිණුම් අංකය: 1218 5536 2858
🌐 Online පරිත්‍යාග සඳහා GoFundMe සබැඳිය:
https://gofund.me/3550441bf
📞 වැඩිදුර තොරතුරු සඳහා:
සමීර වික්‍රමසිංහ (පියා): +94 71 277 0494
මලිත් රණතුංග: +94 71 557 4401
සුපුන් ලක්මාල්: +94 71 630 9578
කසුන් ගයන්ත: +94 71 808 9343
🙏 ඔබගේ පරිත්‍යාගය මෙන්ම මෙම පණිවිඩය Share කිරීමද චෙහාන්ගේ ජීවිතය වෙනුවෙන් කරන අගනා උපකාරයකි.
💙 එක්වෙමු… පුංචි චෙහාන්ට නැවතත් සතුටින් සිනාසීමට අවස්ථාවක් ලබා දෙමු.